අනේ බුදු හාමුදුරුවනේ
එනකම් ඉන්නේ මං පෝ දිනේ
තනියම හිතේ දුක කියමිනේ
හොයනවා සැනසුමක් ඔබ ළඟ හිමියනේ...
ඉඳහිට වැදුවා මං දරුවන් හයක්
කොල්ලෝ පහකට මැදිව එක කෙල්ලක්
කරමින් කුලී වැඩ ගොන්නක්
අප්පයි මායි ලොකු කළා දරු රොත්තක්...
කරදඬු උස් මහත් වෙනකොට
උන්ටික බැබලුනා හරි ඔපයට
ඒ ඔපයම තබා උගසට
හැම හිත් යට වුනා ප්‍රේමෙට...
කියන්නට දුකයි මගෙ බුදුනේ
ප්‍රේමෙන්, රාගෙන් උන් හැම නැහුනේ
වස බෝතලුයි අත් වලට අසු වුනේ
වරින් වර දරු පහක්ම මට නැතිවුනේ...
අණ්ඩයා මගෙ මද්දු කොල්ලා
ගෑණු තිදෙනෙක්ද කොහෙද ගත්තා
ඌට දා වුනු පැටව් හතරක් එක්කා
තනිවුනා හිමියනේ මේ සංසාර ගැත්තා...
පුතාලගෙ අප්පච්චි
මේවා හිතලම එක්තැන් වෙච්චි
එක හීනෙන් එළි නොවෙච්චි
අවසන අප්පච්චිත් සෙත්තපොච්චි...
දරු පහක් මම වැදුවයි
අදටත් ඉතිරි බාල කොල්ලයි
ඌ ගැනත් මට බයයි සත්තයි
මගෙ ඉවසීම පුදුමයි ඒත් ඇත්තයි...
මේ හැම විඳ දරාගෙන
මුණුපුරන් හැදුවේ ඇහේ මූණේ තියාගෙන
ටික ටික එද්දි උන් ලොකු වීගෙන
පවුලටම ගැහුවා හිමියනේ ආයෙත් හෙන...
පොඩි මිනිපිරිත් ලොකු වුනා
යන්තම් පහළොස් අවුරුද්ද ගෙවුනා
මල්සරා ඔලුවට වැහුනා
අවසන ඒකිටත් කනේරු ඇට කැවුනා...
මරණින් ගැළවුනත් ඒකි
මැරි මැරි උපදින්නේ මං නාකි
මේ කරුම මට උරුම දේකි
හිමියනේ මං තවත් පටාචාරාවකි..
මගෙ ගෙදර වත්ත මැද්දේ
කෙල්ලයි පුත් දෙදෙනෙකුයි මර නින්දේ
මේවත් දැක දැකයි ජීවිතේ යැද්දේ
මමම ඇයි මේ තරම් දුක් වින්දේ...
නොමළ ගෙයකින් අබ ඇට
සොයනු බෑ හිම්යනේ මට
මං බැඳී මේ සසරට
දුක් ගෙවනවා පෙර කළ කරුමෙට...
කීවත් දුක නෑ නිම්මා
මෙහැම දුක් නිසයි දරු පෙම්මා
සියලු සත් දුකින් මිදෙම්මා
හිමියනේ මං "පුණ්‍යවතී අම්මා"......
ස්තූතියි 🌹🙏
Nice🌹
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ලස්සනයි ..❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ස්තූතියි 🌹
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit