මොගෝලියන් රයිස් කමුතේsteemCreated with Sketch.

in hive-133716 •  2 years ago 


image.png

source

ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහටම අපේ ගෙදර ආපු අපේ අක්ක ඇන්ඩ් අයියට හදල දීපු කෑම එක ගැන තමයි මන් අද කතා කරන්නේ. අපි කතා කරමු මේ කෑම මොකක්ද මොනවද ඕන අමුද්‍රව්‍ය සහ කොහොමද හදාගන්නෙ කියලා.

ඉතින් මේ පාර අපි හැදුවේ මොන්ගෝලියන් රයිස් එකක්. පලවෙනි පාරට තමයි මේක අපේ ගෙදර හැදුවේ. අක්කල එනව කියල අම්ම මට කිව්වට පස්සේ අම්මා යෝජනා කරා එයාලට හොද කෑම වේලක් දෙමු කියලා. ඉතින් අම්ම යූ ටියුබ් එකේ උඩ පහල යද්දි දැකපු කෑමක් තමයි මොන්ගෝලියන් රයිස් එක. අම්මා කිව්වා අපි මේක හදමු කියලා. ඉතින් සෑහෙන කාලෙකින් මේ වගේ කෑමක් හදපු නැති නිසා මාත් එක පයින් නෙවෙ දෙපයින්ම කැමති උනා.

ඊලගට අපිට තිබ්බේ මේකට ඕන බඩු ටික කඩෙන් අරන් එන්න. මන් පහලින් ලිස්ට් එකක් විදිහට දාන්නම් අවශ්‍ය කරන ද්‍රව්‍ය. (අපි පාවිච්චි කරපු දේවල් )

අවශ්‍ය දෑ

  • චිකන්

  • ඉස්සො

  • දැල්ලෝ
    (චිකන් විතරක් තිබ්බත් ඇති.ඉස්සො දැල්ලෝ ගොඩක් මිලයි )

  • බෙල්පෙපර්(පාට තුනකින්)

  • කැරට් , ලීක්ස් , ගෝවා , ළූණු කොල , මාලු මිරිස්
    ( මේවා අතරින් බෙල් පෙපර් හොයාගන්න අමාරුනම් පාට පාට නයි මිරිස් උනත් අවුලක් නෑ )

  • බාස්මතී හාල් (කීරි සම්බා උනත් අවුලක් නෑ )

  • තලාගත් ඉගුරු සුදුලූනු

  • ලොකුවට කපාගත්තු රතු ලූනු ගෙඩියක් හෝ දෙකක්.

  • කපාගත් තක්කාලි

  • ඔයිස්ටර් සෝස්

  • ඩාක් හෝ ලයිට් කල සෝයි සෝස් (සෝයා සෝස්)

  • සෙසමි ඔයිල්(තල තෙල්)

  • සීනි පොඩ්ඩක්

  • ලුනු , ගම්මිරිස්

තල තෙල් නම් අත්‍යවශ්‍ය නෑ. අර පොඩි කුප්පියක් ගත්තම් ඇති. ලොකු ලොකු ලේබල් ගහපු බෝතල් ගොඩක් මිලයි. ආසන්නව රුපියල් 2000 පනිනවා.

  • චිලි පේස්ට් එකක් හදාගන්න

(මේ හැම දේම් ඔයාලගෙ ගෙදර අයගේ ප්‍රමානය අනුව වෙනස් කරගන්න. එ වගේම කැමති මස් වර්ගයක් ,සී ෆුඩ් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්. සොස් වර්ග දෙකනම් ඕනමයි )

හදන විදිහ.

මුලින්ම බාස්මතී හාල් එක හොදට් හෝදලා අවශ්‍ය ගානට බෙරි නොවෙන්න වතුර තියාගෙන ලුනු ,ඇස්ට්‍රා හෝ බටර් ටිකක් ,රම්පෙ කෑල්ලක් එහෙම දාලා තම්බගන්න.බත් එක තැම්බුනාට පස්සේ ඒක හෝදට නිවෙන්න අරින්න. හොදට නිවුනට පස්සේ බත් ටික ෆ්රීසර් එකේ දාගන්න.ඒකට හේතුව බාස්මතී හාල් කැඩෙන්න තියෙන ඉඩ අඩු කරගන්න එක. ඊටපස්සේ චිකන් ,ඉස්සො දැල්ලො සීසන් කරගන්න ඕන.



ඉතින් එ තුන එකම බාජනේකට හරි වෙන වෙනම හරි දාලා ඒකට එකතු කරගන්න. ඔයිස්ටර් සෝස් , සෝයා සෝස් , ලුනු සහ ගම්මිරිස් . ලුනු නම් අඩු උනාට අවුලක් නෑ සෝස් වල ලුනු රස ප්‍රමානවත්. ඉට පස්සේ එ ටික හොදට අතගාගන්න. ඊලගට එ ටික සීසන් වෙන්න පැත්තකි තියාගන්න. ඒ ටික සීසන් වෙන අතරෙ අපි කැරට් ගෝවා හීනියටම ලියා ගන්න ඕන දිග අතට. ලීක්ස් ටිකට් හීනියට ලියාගන්න. ළූනු කොල නම් තරමක ප්‍රමානයකට කපාගන්න.ඒක අවශ්‍ය වෙන්නේ සරසගන්න තමයි.

photo_2023-07-02_19-39-00.jpg

දැන් අපෙ බත් එක් කූල් උනා ඇති වගෙ නම් එලියට ගන්න.අරගෙන මොන්ගෝලියන් රයිස් එක හදන්න ලේස්ති වෙමු. මුලින්ම අපි චිකන් ඉස්සො සහ දැල්ලො බැදගන්න ඕන. ගොඩක් ගැබුරු තෙලේනම් බැදගන්න එපා. තෙල් පොඩ්ඩක් නන්ස්ටික් පෑන් එකකට දාලා ඒකෙන් බැදගන්න. චිකන් එක ගොඩක් තද වෙනකන් බදින්න එපා. ඉස්සො දැල්ලොත් එහෙමයි. කෑල්ලක් කාල බලන්න සීසන් වෙලාද කියලා .





දැන් ටිකක් ලොකු තාච්චියක් ලිපෙ තියාගන්න. ඒක රත් වෙද්දී ඉගුරු සුදුලූනු දාගන්න. ඊට පස්සෙ ඒකට කැරට් ,ගෝවා , ලීක්ස් ,තක්කාලි ,ළූනු එකතු කරන් කවලම් කරගන්න. ඊට් පස්සේ බත් ටික එකතු කරගන්න. එකතු කරලා ඒකට සෝයා සෝස් , ඔයිස්ටර් සෝස් ,සීනි පොඩ්ඩක් , මිරිස් කෑලි ,ගම්මිරිස් අවශ්‍ය ප්‍රමානෙට එකතු කරගන්න. දැන් හොදට කවලම් කරගන්න. ඔයා සැරට ගොඩාක් ආසනම් චිලිපේස්ට් ටිකකුත් දාගන්න.බත් එක ඩාක් කලර් වෙනකන් කවලම් කරගන්න.

ඊට පස්සේ අපි බැදගත් චිකන් ඉස්සො දැල්ලො දාගන්න. ආයෙ හොදට කවලම් කරගන්න . ලුන් මදිනම් එකතු කරගන්න. සෙසමි ඔයිල් පොඩ්ඩක් දාගන්න බත් එක රස වෙන්න. දැන් ඉතින් මදිපාඩු බල බල ඒව දාගන්න. වැඩි ගින්දරේ බත් එක ෆ්රයි කරගන්න. අවසානෙදි අර ලූනු කොල ටික එකතු කරගන්න ලස්සන වෙන්න.

image.png

දැන් ඉතින් ඕනනම් බුල්සයි එකක් එහෙම හදාගන්න පුලුවන් කන්න. චිලි පේස්ට් එක්කත් කන්න පුලුවන්. එහෙනම් ඔන්න ඔහොමයි අපි මොන්ගෝලියන් රයිස් එක හදාගත්තේ. අවශ්‍ය දේවල් ටික හොයාගත්තම වැඩේ හරි ලේසියි. ඉතින් මේක කාපු අපෙ අක්කේ මේක රසයිද කියලත් කියලම යන්න. ආයෙ ඉක්මනටම හම්බෙමු අපි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ම්ම්ම්ම් සස කෑමක් නේද සගෝ 😍

hehe ow halo