ලංකාවට ෆිල්ම් ආව විදිහsteemCreated with Sketch.

in hive-133716 •  8 months ago 


image.png
source

අපි මේ වෙද්දි ෆිල්ම් ගොඩක් ගැන කතා කරලා තියෙනවානෙ. අද ඒ නිසා මන් ආටිකල් එක ලියන්නේ ලංකාවට ෆිල්ම් ආව විදිහ ගැන. මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක්. ඒ චිත්‍රපට ප්‍රදර්ශන ව්‍යාපාරය අනිත් එක චිත්‍රපට නිශ්පාදන අවදිය. මුලින්ම 1901දී වෙස්ට් රිජ්වේ ආන්ඩුකාරවරයා බොයර් සිර කදවුරේ පුද්ගලික චිත්‍රපට ප්‍රදර්ශනයක් පවත්වා ඇත. ඒ කොලබ කොටුවේ චැතම් වීදියේ. සිලෝන් තියටර් කියන්නෙත් ඒක. චිත්‍රපටයක් පෙන්වපු ප්‍රථම වතාව තමා ඒ. ඒක කෙටි චිත්‍රපටයක්. මේකේ බ්‍රිතාන්‍යන්ගේ බෝයර් යුධ ජයග්‍රහනය, එලිසබෙත් රැජිණ, ජුබිලි පෙරහැර වගේ දේවල් පෙන්නුවා.


image.png
source

ශ්‍රී ලංකාවේ සිනමාව ප්‍රසිද්ධ කටයුත්තක් බවට පත්වූයේ වෙස්වික් මේජර් නැමැති ඉංග්‍රිසී ජාතිකයා විසින් වර්ධනව කරන ලද බයිස්කෝප් ප්‍රදර්ශනය නිසා . මේ චිත්‍රපට දර්ශනය කරේ විවෘත ස්ථානයක කූඩාරම්වල. 1903 දී ප්‍රථම වතාවට ස්ථීර චිත්‍රපට ශාලා මදන් තියෙටර් මගින් ගොඩනගලා තියෙනවා. මේ සමාගම ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය කරා. ඒවා සාර්ථක වුණා. මෙලඩි ඔෆ් ලව්, නල්ල තංගෙයි, වගේ චිත්‍රපට පෙන්නලා තියෙනවා. ඒ වගේම රැම්බල්ස් ඔෆ් තෲ සිලෝන්, සෝන්ග් ඔෆ් සිලෝන් වගේ කෙටි චිත්‍රපට නිර්මාණය කරලා තියෙනවා. සෝන්ග් ඔෆ් සිලෝන් නම් රැල්ෆ් කිං ගේ අනිත් එකනම් මට මතක නෑ හරියටම. මේ අතරෙ 1925දී රාජකීය වික්‍රමය චිත්‍රපටය ශ්‍රී ලංකාවේදී පලමුවෙනි වරට නිර්මාණය කරන්වා. එන්.එම්. පෙරේරා සහ සිබිල් පීට් මෙහි ප්‍රධාන චරිතය රඟපාලා තියෙන්වා, ඒක ඉන්දියාවෙයි සිංගප්පූරුවෙයි ප්‍රදර්ශනය කරා. ඒ ත් මේ චිත්‍රපටය ලංකාවට ගේන්න කලින් ගිනි අරන් විනාස වෙනවා. ඒක තරහ කාරයෝ කරා කියලත් සැක කරන්න පුලුවන්.


image.png
source

1936 දී පළිගැනීම චිත්‍රපටය කොළඹදී තිරගත වෙනවා. රාජකීය වික්‍රමය චිත්‍රපටය විනාශ වුන නිසා ලංකාවේ නිශ්පාදන වුන පලවෙනි ෆිල්ම් එක විදිහට ඉතිහාසයට එකතු වෙන්නේ පලිගැනීම චිත්‍රපටය. මේක රීල් තුනක කෙටි චිත්‍රපටයක්. ප්‍රධාන චරිතය රොමා.එන් ආර් ඩයස් සහ මිලී ආරියවතී රගපානවා. මේ චිත්‍රපටයේ කතාව මේක. ගමේ කෝරාළ දුප්පත් පවුලක තාත්තා මරලා දුවව දූෂණය කරන්න හදනවා ඒ තරහට ඒ ගෑනු ලමයගෙ සහෝදරයා ලොකු වුනාම කෝරාළව මරනවා. ඒ කතාව තමා පලිගැනීම ෆිල්ම් එකේ තියෙන්නේ.

ඊට පස්සේ එන්නෙ කතා නාද සිනමාව. පලිගැනීම කියන්නෙත් නිහඩ චිත්‍රපටයක්. ඊලග ආටිකල් එකෙන් අපි කතානාද චිත්‍රපට ගැන කතා කරමු.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!