Back To The Uni Life 😒steemCreated with Sketch.

in hive-133716 •  10 months ago 


image.png
source

හායි හායි යාලුවනේ... කොහොමද ඉතින් මාස ගානක් ගෙදරට වෙලා කැම්පස් පටන් ගන්නකන් බලාගෙන ඉදලා ඉදලා දැන්නම් ඔන්න කැම්පස් පටන් ගත්තා . ගෙදර හිටිය නිවාඩු කාලෙදි නම් වැඩියෙන්ම කරේ ෆිල්ම් , ටීවි සීරීස් බැලුව එක. Game of thrones season ටිකමයි හවුස් ඔෆ් ඩ්‍රැගන් season දෙකමයි ආසාවෙන් බලලා ඉවර කරා. ෆිල්ම් ගොඩකුත් බැලුවා ඒවාගෙන් නම් ගොඩක්ම හිතට ඇල්ලුවේ මහරාජා කියන ෆිල්ම් එකයි. Kill film එකයි. මහරාජා ෆිල්ම් එකනම් හිතාගන්න බැරි අවසානයක් තියෙන මාරම ෆිල්ම් එකක්. Kill film එකත් ඒ වගේ. ඔයාලත් බලලා නැත්තන් අනිවාර්යයෙන්ම ඒ ෆිල්ම් දෙක බලන්න. සුපිරිම ෆිල්ම් දෙකක්.


image.png
source

ඒ අතරෙදි ඉතින් graphic ටිකකුත් ඉගෙන ගත්තා. ඒ වැඩේටත් මන් හරිම ආසයි. මේ දිග නිවාඩුව නිසාම ගෙදර අය එක්ක ගොඩක් කල් ඉන්න පුලුවන් වුණා ඒත් ඉතින් එක දිගටම මාස ගානක් ගෙදර ඉදලාත් ඇති වෙලා හිටියෙ. අනිත් ලොකුම හේතුව තමා කැම්පස් එකේ වැඩ පහු වෙන එකෙන් ජොබ් එකක් ගන්නත් තව කල් යන එක. තාමත් ඉතින් ගෙදර මිනිස්සුන්ට පින්සිද්ද වෙන්න කලා බීලා ඉන්නවා. ඇත්තටම බලද්දී මේ වයසට එහෙම කියන්නත් ලැජ්ජයි. Academic වැඩ කරන ගමන් full time ජොබ් එකක් කරන්නත් අමාරුයි. මොනා කරන්නද ඉතින් ඔන්න ඔහෙ ඉන්නවා මේ මාස දෙක තුනත්. ඉන්ටර්න් පටන් ගත්තම මොකක් හරි ගේමක් ගහන්න තමා හිතන් ඉන්නෙ ඉතිම්.

හොදම වැඩේ කියන්නේ කැම්පස් පටන්ගන්නකල් බලන් ඉදලා ඉදලා පටන්ගෙන මුල් සතියෙ සතියටම ලෙක් තුනක් හතරක් තිබුනෙ. උදේ 8 -10 ලෙක් එකක් තිබිලා ආයෙ තියෙන්නෙ හවස 3-5 ඒ වැඩේ ගොඩක් ළමයින්ට කරදර නිසා ඒකට විසදුමක් ඉල්ලුවා. දැන් සෙනසුරාදාටත් ලෙක්චස් දාලා😂😂. ඒකෙන් වෙන්නේ තව ටික දවසක් මෙහෙට වෙලා ඉදිද්දී ආයෙත් ගෙදර දුවන්න හිතෙන එක. දැන් ඉතිම් මන් කැම්පස් එකට ඇවිල්ලා සති දෙකක් වගේ වෙනවා. ශේප් එකේ වැඩ ටික කරන් යනවා ඉතිම්. ගෝල්ෆේස් පැත්තෙ ගිහින් එන්නත් හිතෙනවා ලගදි දවසක. ඒ විස්තරත් අලුත් ආටිකල් එකකින් ගේන්නම්. එහෙනම් බායි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!