රැග් එක ඕනමද???

in hive-133716 •  yesterday 

1000007019.jpg
source

මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් ප්‍රචාරණය වෙන දෙයක් තමයි නවක වදය.ඉතින් මේක ගොඩක් වෙලාවට නුහුරු නුපුරුදු මාතෘකාවක් නෙවෙයි.මොකද කාලෙන් කාලෙට මේ මාතෘකාව උඩට එනවා.විශේෂයෙන් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ඒක දරා ගන්න බැරුව සියදිවි නසා ගත්ත දවස්වලට සතියක් දෙකක් යනකන් රටේම මාතෘකාව වෙන්නේ මේක.නමුත් ඊට පස්සේ කාටවත් ඒක මතක නැහැ.ඉතින් ඇත්තටම ඔයාලගෙ අදහස මොකක්ද? රැග් එක තියෙන්න ඕනද?නැත්තම් රැග් එක එපාද? එහෙමත් නැත්නම් යම්කිසි මට්ටමකට රැග් එක තියෙන්න ඕනෙද?හරි ඉතින් අද ඒක ගැන මගේ මතය මම කියන්නම්.ඊට කලින් මේක ලියන්න විශේෂ වුණ හේතුව තමයි, සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙක් සියදිවි නසා ගැනීම.ඉතින් මේ සියදිවි නසා ගැනීමට , ඒ විශ්වවිද්‍යාලයේදී ඉහළ ශිෂ්‍ය කණ්ඩායමේ සිසුන්ගෙන් ඔහුට සිදුවුණා කියන දැඩි බලපෑමුත් හේතු උනා කියල මේ දවස්වල ගොඩක් කතා බහට ලක්වෙනවා.

කෙසේ හෝ වේවා කැම්පස් වල රැග් ඒක නවක වදය තියෙනවා කියලා ඔයත් මමත් හොඳින් දන්නා කාරණාවක්.ඉතින් මේකේ ප්‍රධාන අරමුණ කියලා කියන්නේ ශිෂ්‍ය කණ්ඩායමේ එකමුතුව හදනවයි කියන එක.ඉතින් මේකට සෑහෙන දේවල් ඔවුන් කරනව.කොල්ලෝ කෙල්ලො භේදයක් නැතුව දෙගොල්ලොම ඒ කාලය ඇතුලත සෑහෙන්න තරම් විඳවනවා , පෙළක් වෙලාවට ශාරීරිකවත්. සමහර ළමයින්ට කැම්පස් එකෙන් අවුට් වෙලත් ඒ සිදුවුනු මානසික බලපෑමෙන් මිදෙන්න අමාරුයි.පෞද්ගලිකව මම නම් නවක වදයට ,රැග් එකට දැඩි ලෙස විරුද්ධයි.ඒ වගේම මගේ මතයට අනුව නම් යම්කිසි ප්‍රමාණයකටවත් රැග් එක තිබිය යුතු නැහැ.එහෙම රැග් කරලා මිනිස්සුන්ගේ එකමුතුව හැදුව නම් මේ රට මේ වගේ තත්ත්වයක තියෙන්නේ නැහැ.ඇත්තටම ඔතන වෙන්නේ , එක එක්කෙනා තවත් කණ්ඩායමක් රැග් කරලා යම්කිසි පිනවීමක් ලබන එක විතරයි.නමුත් ඒ පිනවීම තවත් කෙනෙක්ගෙ ජීවිතයට වන්දි ගෙවීමක් කියලා ඔවුන් දන්නේ නැහැ.විශ්ව විද්‍යාල තුළ නවක වදය සම්පූර්ණයෙන්ම අතුගා දැමිය යුතු කාරණයක්.මම දන්න තරමින් සමහර කැම්පස් වල , සමහර department වල රැග් නැහැ.ඒක අනිත් විශ්ව විද්‍යාල තුළත් ඇතිවුනොත් ගොඩක් වටිනවා.මොකද ළමයි විශ්වවිද්‍යාලයක් තුළට එන්නේ හීන දහසක් පොදි බැඳගෙන, ළමයි විතරක් නෙවෙයි ඔවුන්ගේ දෙමව්පියනුත්.ඉතින් ඒ හීනයක් බිඳ දමන තරමට සිසුන් පිරිසක් බිහිවෙන එක විය යුතුම කාරණයක්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!