ඒ කාලයේ රැප් කියන්නේ මම ආසම නැති කලාවක්.හොඳ රසවින්දනයක් තිබුන නැති නිසාද මන්දා හරි හමන් තේරුමක්වත් විඳින්න තරම් රැප් වල මට ආසාවක් තිබුණේ නැහැ.නමුත් එක්කෙනෙක්ගෙ බල කිරීමට මට එක රැප් එකක් අහන්නම සිද්ධ වුණා.දවස් ගානක් මට කියලා කියලා එයාගේ අඳෝනාව අහන් ඉන්න බැරි නිසාම මම Drill team එක කරපු විශිෂ්ටම වගේම මම ලංකාවේ අහපු හොඳම රැප් එක මග අහන්න පුලුවන් උනා.ඒ තමයි drill team කණ්ඩායම මීට හරියටම වසර දහයකට පෙර එළිදක්වපු දෙවියන්ගේ භාරෙ කියන rap එක.ඇත්තටම ඒ රැප් එක මම කොච්චර සැරයක් ඇහුවද කිව්වොත් , Rap එක කටපාඩම් වෙන තරමට මම ඒක අහලා තියෙනවා.
Drill team කණ්ඩායම අනිත් රැප් ගායකයොන්ට වඩා වෙනසක් තියෙන කණ්ඩායමක්.මොකද ඔවුන් ගොඩක් වෙලාවට රැප් කරන්නේ සමාජ යථාර්ථය , රටේ තත්ත්වය ආදී දේවල් ගැන.ඒවා ගැඹුරින් හදවතට කිඳා බහින්න ගායනා කරන්න කණ්ඩායමේ සියල්ලන්ටම හැකියාව තියෙනවා.මම පෞද්ගලිකව ආස කරපු රැප් කීපයක්ම ඔවුන් සතුව තියෙනවා.ඒ අතරින් ජයමර්ධනපුර වැනුම , බල්ලෝ , තව දවසක්, මිනිසත්කම කියන ඒවා විශේෂයි.ඒ වගේම drill team කණ්ඩායමේ තවත් විශේෂත්වයක් වන්නේ ඔවුන් වසරකට දාන්නේ එක ගීයක් පමණයි.ඒ නිසාම ඔවුන්ට තියෙන ආකර්ෂණයත් ගොඩක් වැඩියි.Drill team වලටම unique die hard fan base එකක් ඉන්නවා කිව්වොත් මම නිවැරදියි.කණ්ඩායමේ නායකත්වය හිමිකම් කියන born manasik කියන්නෙනම් මට අනුව වෙනම ලෙවල් එකක්.ඔහු රැප් වලට යොදාගන්න වචන ඒවා මිනිස්සුන්ට තදින්ම දැනෙන්න කියන්න වෙනම හැකියාවක් ඔහු සතුව තියෙනවා.ඒ නිසාම drill team කියන්නේ මේ වෙනකොට ලංකාවේ සිටින රැප් කණ්ඩායම් වලින් අංක එක ස්ථානයේ සැක නැතුව තියන්න පුළුවන් කණ්ඩායමක්.
Drill Team කියන්නේ පොඩි කාලේ ඉදන්ම පිස්සුවක් මට නම් 🫣🫡🖤 මේ මගේ පොස්ට් එක 😁👇
https://steemit.com/steemit/@chathux/kataka-live-in-concert
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit