EXAM

in hive-133716 •  7 days ago 

1000004632.jpg
source

ඉතින් යාළුවනේ සමහර ෆිල්ම් තියෙනවා.ඒ ෆිල්ම් වර්ගයෙන් ලෝකෙටම තියෙන්නේ ඒ ෆිල්ම් එක විතරයි.අන්න ඒ වගේ සුපිරි දෝරේ ගලන කුතුහලයෙන් බලන්න පුළුවන් psychological, mystery , thriller කාණ්ඩ කිහිපයටම අයත්වෙන ෆිල්ම් එකක් තමයිි අද ඔයාලත් එක්ක මම බෙදා ගන්න ඇවිල්ලා ඉන්නේ.ඉතින් මේ ෆිල්ම් එක නම් ඔයාලා මග ඇරගන්නන හිතන්නවත් එපා. මම පෞද්ගලිකව මේ ෆිල්ම් එකට ලැබිලා තියෙන Imdb rating වලට වඩා වැඩි අගයක් ලැබිය යුතුයි කියලා හිතනවා.කොහොම හරි ෆිල්ම් එකට ලැබිලා තියෙන්නේ Imdb 6.9ක අගයක්.ඉතින් අපි පළමු 2009 ආපු මේ Exam කියන ෆිල්ම් එකේ කතාව මොන වගේද කියලා.

රස්සාවක් සඳහා පැවැත්වෙන සම්මුඛ සාකච්ඡා වට කීපයක්ම ඉවර වෙලා දැන් අවසාන වටයට ඉතුරු වෙලා ඉන්නේ තරගකරුවන් අට දෙනෙක් පමණයි.අවසන් තරග වටේදී මේ තරඟකරුවන් කිහිපදෙනාට තරඟ වදින්න වෙන්නේ අමුතුම ආකාරයේ විභාගයකට.මේ පරීක්ෂණය හරියටම පැවැත්වෙන්නේ විනාඩි අසූවක කාලයක් පමණයි.කොහොම නමුත් විභාග පරීක්ෂකවරයා මුලින්ම ඇවිල්ලා තරගකරුවන් කීපදෙනාට විභාගයේ නීති කීපයක් පැහැදිලි කරනවා.මේ නීතිවල එකක් හරි කඩ කරොත් ඒ කෙනා සම්පූර්ණයෙන් ඉවත් කරනවා.ඒ නීති මොනවද කියලා ෆිල්ම් එක බලද්දි ඔයාලට දැනගන්න පුළුවන්.ඉතින් නීති පැහැදිලි කරලා පරීක්ෂකවරයා ගියාට පස්සේ තරඟකරුවන් තමන්ට ලැබුණ කොළේ පරීක්ෂා කරද්දි ඒක තනිකරම හිස් කොලයක්.ඒ ඒ තරඟකරුවන්ගෙ විභාග අංකය විතරයි කොළේ ඇතුලත් වෙලා තියෙන්නේ.එහෙනම් මේ තරඟකරුවන් මොනවටද උත්තර දෙන්නේ? ඒ ගැන මේ අයටත් හිතාගන්නවත් බැහැ.ඉතින් මෙතනින් පස්සේ මේ විභාග ශාලාවේ එක එක අමුතු දේවල් සිද්ධ වෙනවා.ඉතින් ඒ මොනවද? ඒ ගැන දැනගන්න ඔයාට මේ සුපිරිම ෆිල්ම් එක බලන්න වෙනවා.ඉතින් මේක නම් ඔයාලා බලන්නම වටින ෆිල්ම් එකක්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  


Congratulations
This post has been curated by

Team #5

1000021440.webp

@damithudaya