ඉතින් අද කතා කරන්න යන්නේ අති දක්ෂ වේග පන්දු යවන්නෙක් ගැන. වර්තමානය වන විට හැම රටකම මගේ අති දක්ෂ වේග පන්දු බලඇණියක් ඉන්නවා.කොහොම හරි ඒ කාලේ නම් මම හොඳම වේගපන්දු බලඇණිය දැක්කේ පකිස්ථාන කණ්ඩායමෙන්.දැන් නම් ඒක පොඩ්ඩක් වෙනස්.කොහොමහරි වර්තමානය වෙනකොට ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව,නවසීලන්තය සහ ඉන්දියාව යන රටවල්වල නවීන තාක්ෂණයක් එක්ක වේග පන්දු යවන්නන් ඉතා ඉහළ මට්ටමක දක්ෂතා පෙන්නනවා.මම පෞද්ගලිකව වැඩියෙන්ම කැමති ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ට.ඒ අතරින් Mitchel Starc කියන්නේ මට වෙනම ලෙවල් එකක්.ඒත් අද මම ලියන්න යන්නේ ඔහු ගැන නෙවෙයි.ඉන්දියානු කණ්ඩායමේ තැනට ඉන්න ඒ වගේම මම දැකපු හොඳම වේග පන්දු යවන්න ගැන.ඒ තමයි Jasprit Bumrah.
Bumrah කියන්නෙ තරග වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්.ඒ වගේම තමයි තරග වෙනස් කරපු ක්‍රීඩකයෙක්.2024 ලෝක කුසලානය අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව අතේ තිබුණු තරගය සම්පූර්ණයෙන්ම කණපිට හරවන්න Jasprit Bumrah අවසන් පන්දු වාර දෙක දැවැන්ත ලෙස දායක වුනා.ඒ වගේම තමයි මෙවර ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට අවතීර්ණ වීමට ඕස්ට්‍රේලියාව සමග තිබූ තීරණාත්මක තරගාවලියේදී , ඕස්ට්‍රේලියාවේ තණතීරුවල තම අණසක පැතිරවීමටත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් අන්දමන්ද කිරීමටත් Jasprit Bumrah ගේ පන්දු යැවීම සමත් වුණා.Bumrah මේ වන විට ටෙස්ට් කඩුලු 200 ඉක්මවා ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා.ඒවගේම තමයි ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ රටාව තුළ නායකත්වය දරන්නේද මේ ක්‍රීඩකයා විසින්.ඉතිං අපි බලමු ඉන්දියාව වෙනුවෙන් වගේම ලෝක ක්‍රිකට් වෙනුවෙන් ඉදිරියට Bumrah ගේ දායකත්වය කොහොම වේවිද කියල.