Lets Ready to Semi Final...

in hive-133716 •  last month 

1000013624.webp
source

මම ඒ කාලේ චෙන්නායි සුපර් කින්ස් කණ්ඩායමට පස්සේ ආස නැතිම කණ්ඩායම තමයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම.නමුත් ipl ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් දෙක තමයි ඒ කණ්ඩායම් දෙක.ඒ දෙකෙනුත් මම හිතන්නේ සාර්ථකම කණ්ඩායම තමයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම.ඒ තරම් පෙරළිකාර කණ්ඩායමක් මම ipl තරගාවලිය තුළ කිසිම කණ්ඩායමකින් දැකලා නෑ.රෝහිට් ශර්මාගේ නායකත්වය සමඟ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සාර්ථකත්වය පටන් ගත්තා කියලා කිව්වොත් මම යම්තාක් දුරකට නීවරදියිි කියලා හිතෙනවා.ඔවුන්ට පෙරළිකාර කණ්ඩායමක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට මුල් තරග කිහිපයම මුම්බායි කණ්ඩායම පරාජයට පත්වන්නේ රසිකයින්ව දැඩි කනස්සල්ලට පත් කරමින්.නමුත් ඉන්පසුව ඔවුන්ගේ නැගි ඒම ඉදිරි තරග කිහිපයම ජයග්‍රහණය කරමින් හිතන්නවත් බැරි විදියට play off වටේට සුදුසුකම් ලබනවා.ඉතින් මට හිතුනා අද ඔවුන් ගැන වගේම play off වටේට සුදුසුකම් ලැබූ අනිත් කණ්ඩායම ගැනත් පොඩ්ඩක් ලියන්න.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගාවලියේ ආරම්භක තරග කිහිපය අවසානයේ ඔවුන් සිටියේ අවසානම ස්ථානයේ.ඒ වගේම දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කණ්ඩායම් අතර ප්‍රමුඛම ස්ථානයේ සිටියේ play off වටයට පහසුවෙන් සුදුසුකම් ලබාවි කියලා හිතන්න පුලුවන් මට්ටමකයි.නමුත් හාර්දික් පාන්ඩ්‍යාගෙ නායකත්වයෙන් සහ මහේල ජයවර්ධනයගේ දක්ෂ පුහුණුකාරීත්වයෙන් යුතු මුම්බායි කණ්ඩායම ඉතිරි තරඟ වලින් එකක් දෙකක් හැරුණාම අනිත් සියල්ල දක්ෂ ලෙස ජයග්‍රහණය කරමින් play off වටේට සුදුසුකම් ලැබුවේ හිතන්නවත් බැරි විදියට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කරමින්.ඒ අනුව මේ වන විටත් play off වටේට සුදුසුකම් ලැබූ කණ්ඩායම් සියල්ල තේරී අවසන්.ඒ අනුව Gujarat Titans ,Royal Challengers, Punjab Kings සහ Mumbai Indians කණ්ඩායම් හතරෙන් එකක් මෙවර ශූරයන් බවට පත් වේවි.මම පෞද්ගලිකව ආසයි punjab Kings කණ්ඩායම කුළඳුල් ශූරයන් බවට පත් වෙනවා නම්😍.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!