Vaibhav Suryavanshi

in hive-133716 •  5 days ago 

1000005212.jpg
source

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා.අද ලියන්න යන්නේ ක්‍රිකට් රසිකයින් අතර ගොඩක් කතාබහට ලක්වෙන ක්‍රීඩකයෙක් ගැන.ඉතින් ඊට කලින් ඔයාලත් එක්ක මට කතා කරන්න දෙයක් තියෙනවා.ඔයාට වයස අවුරුදු 14දී ඔයා මොන වගේ තත්වයකද හිටියේ.ගොඩක් වෙලාවට ඔයත් පාසල් කාලයේ යාළුවන් එක්ක විනෝදයෙන් කාලය ගත කරන්න ඇති, ක්‍රිකට් ගහන්නත් ඇති.ඒත් ඔයා විශ්වාස කරනවද? ඉන්දියාව වගේ විශාල රටක ,ක්‍රීඩකයන් පොර බදින ලෝකෙ තියෙන හොඳම ලීගයක අවුරුදු 14ක පොඩි කොල්ලෙක් ඒ තරගාවලියේ විශේෂ කණ්ඩායමක ආරම්භක පිතිකරුවෙක් විදියට ක්‍රීඩා කරනවා කිව්වොත්.විශ්වාස කරන්නත් අමාරුයි නේද? ඉතින් ඔයාලට ඊටත් වඩා විශ්වාස කරන්න බැරි දේවල් ටිකක් කියන්න තමයි මම අද ආවේ.

මොහු ගැන මම article එකක් ලිව්වේ නැතොත් ක්‍රිකට් ගැන මම article ලියන එකෙනුත් වැඩක් නැති වෙනවා. ඉන්දියාවේ ක්‍රිකට් වලට විශාල තැනක් තියෙනවා.ඒවගේම ජාතික කණ්ඩායමට කෙසේ වෙතත් IPL තරගාවලියට හෝ සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනකන් බොහෝ ක්‍රීඩකයින් ප්‍රමාණයක් හීන මවනව.ඉන් කිහිපයක් සැබෑවෙන අතර ගොඩක් ඒවා සැබෑවෙන්නේ නැහැ.එසේ නොවන්නෙත් තරගකාරී බව නිසාමයි.ඉතින් මේ අතරින් Vaibhav Suryavanshi ගැන ලොකුවටම IPL auction එකේදී කතා වෙන්නේ රාජස්තාන් කණ්ඩායම විසින් අවුරුදු දහතුනක කොල්ලෙක් ඉන්දීය රුපියල් කෝටි 1.1ක අගයකට ලබා ගැනීමත් සමගයි.මොහු කෙසේ මෙසේ ක්‍රීඩකයෙක් නෙමේ අවුරුදු දහතුනක් උනාට වයස අවුරුදු දහ නමයෙන් පහළ ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙක්.ඒ වගේම වාර්තා තබපු ක්‍රීඩකයෙක්.ඉතින් ipl තරගාවලියේදී මොහුට ලැබෙන පළමු තරඟයේ පළමු පන්දුවටම දැවැන්ත හයේ පාරක් එල්ල කරන්නේ කාගේත් සිත් පුදුමයෙන් පුදුමයට පත්කරමින්.ඒ තරඟයේදී එතරම් සාර්ථක වෙන්න අවස්ථාව නොලැබුණත් , ඊළඟ තරඟයේදී මේ පොඩි කොල්ලා තමන් කවුද කියලා ලෝකයාටම පෙන්නන්නේ IPL තරගාවලියක ලාබාලතම ශතකය තමන් සතු කරගනිමින්.එපමණක් නෙවෙයි වේගවත්ම දෙවන ශතකයද ඔහු ලබාගන්නේ ක්‍රිස්ගේල්ට පමණක් දෙවැනි වෙමින්.ඉතින් Vaibhav කියන්නේ ඔහු විසින්ම ක්‍රිකට් ජීවිතය විනාශ කරගත්තේ නැතොත් ඉන්දියාවේ ක්‍රිකට් අනාගතයෙ පෙර සලකුණක් කියලා බය නැතුව කියන්න පුළුවන් ක්‍රීඩකයෙක්

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

💦💥2️⃣0️⃣2️⃣5️⃣ This is a manual curation from the @tipu Curation Project

@tipu curate