අවුකන ගමන ❤️

in hive-133716 •  2 years ago 

Hello Everyone !..


ඔයාලට කොහොමද.හැමෝම පරිස්සමින් ඇති කියල මම හිතනවා.වැඩ වැඩි වෙලා වැඩි වෙලා ඉන්නකොට සතිඅන්තයේ එන නිවාඩුවට තියන වටිනාකම නම් කියල නිම කරන්න බැරි තරම්.ඉතින් කැම්පස් එකට ගෙවල් ලග තියන අයනම් ගෙවල් වලට ගිහින් එනව.අපි කොහොමද යන්නෙ. යන්නම දවසක් ඉවර වෙනවනෙ පාරට. ඒ නිසා දුර පලාත් වල අය යන්නෙ නෑනෙ ගෙදර.

ඉතින් මේ සතිඅන්තෙත් පුරුදු පරිදි අපි ටික හිටියා හොස්ටල් එකට වෙලා. කොහොමනමුත් අඩු වියදමකින් යන්න පුලුවන් තැන් බලන්න යන්න පුලුවන් නෙ. ඉතින් අපි තීරනය කලා අවුකන විහාරයට සහ කලාවැව බලන්න යන්න.කලින් දවසෙ ඉදලම ප්ලෑන් කරල උදේ 8.30 වෙද්දි යමු කියල තමා ප්ලෑන් කරේ. 😂😂😂😂 කොහේ යන්නද ඒ වෙලාවට නැගිටිනකොටම ඒ වෙලාව තමා.ඉතින් ලෑස්ති වෙලා යන්න පිටත් වෙනකොට උදේ 10ත් පහුවෙලා. කමක් නෑ කියල අපි යන්න පිටත් උනා. කැම්පස් එකේ ඉදල මහපාරට එන්න ටික දුරක් එන්න ඕන.බයිසිකල් වල ගියානම් ගමන පහසුයි.

අවාසනාව කියන්නෙ බයිසිකල් කැඩිල තිබුනෙ.ඉතින් මහපාරට පයින්ම ඇවිල්ල බස් එකක් එනකම් හිටිය. නිවාඩු දවස් වල බස් හොදටම අඩුයි ඒ පැත්තෙ.බස් එකක් එනකං අපි ගොඩක් වෙලා පයින් ඉස්සරහට ගියා.අවසානෙදි කොහොමහරි බස් එක්කට ගොඩ උනා. ඒකෙන් අපි ගල්නෑවට ආවා.එතනින් ආයෙ කැකිරාව බස් එක්කට ගොඩවෙලා අවුකනට යන්න ටිකට් ගත්තා.ගල්නෑවෙ ඉදලනම් ලොකු දුරක් නෑ අවුකන විහාරයට යන්න

අවසානෙදි අපි ගියා අවුකන විහාරයට.හිතාගන්න බෑ.ඇස් අදහන්නත් අමාරුයි.වසර 1600කට විතර කලින් තනි කලුගලෙන් නෙලපු පිලිම වහන්සේ දැක්කම. එතන ඒ පිලිමය ලග ඉන්නවා ඒක ගැන සම්පූර්ණ විස්තරයක් කරන සීයා කෙනෙක්.ඇත්තටම ඒ විස්තර නම් ගොඩක් වටිනවා. භරණ කියන අතිදක්ශ ඉංජිනේරුතුමන් ඉතාමත් සියුම්ව මේ පිලිමයට තාක්ශනය යොදාඇති අයුරු හිතාගන්න අමාරුයි.අර සීයා එකෙන් එක වාස්තු විද්‍යාව ගැන පැහැදිලි කරද්දි පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ.

කොහොමනමුත් ආයෙම වර්තමානය ගැන හිතනකොට දුක හිතෙනවා. ඒ ඉඩම් කොටස් සංවර්ධන කටයුතු වලට බංග්ලාදේශයට දෙන්නත් ගියාලු කාලෙකට කලින්. පිලිකුල් සහගතයි ඒවනම් අහද්දිත්. කොහොමහරි අපි පන්සලේ ටිකක් වෙලා ඉදල ආවා එලියට

IMG-20221205-WA0159.jpg

IMG-20221205-WA0161.jpg

IMG-20221205-WA0165.jpg

IMG-20221205-WA0164.jpg

IMG-20221205-WA0163.jpg

IMG-20221205-WA0160.jpg

IMG-20221205-WA0166.jpg

එතනින් පස්සෙ තමා නියම වැඩ වෙන්න පටන් ගත්තෙ. ඒ කතාව ඊලග කොටසින් කියන්නම්. එතකන් පරිස්සමින් ඉන්න හැමෝම.
ස්තූතියි 🙏🏻🙏🏻

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!