සියලු දෙනාටම ආයුබෝවන්,
දිගු කාලීන පරාජ රැල්ලකට පසුව ප්‍රේක්ෂකයන්ට මෙන්ම තම කණ්ඩායමටද ජයග්‍රාහී මානසිකත්වයක් ගෙනත් දෙන්න පසුගිය ඉන්දු ශ්‍රී ලංකා තරගාවලියේදී අපේ කොල්ලන්ට පුළුවන් වුනා. එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පරාජයට පත් වූවත් හොද ගේමක් දෙන්න අපේ කොල්ලන්ට පුළුවන් වුනා. ඒ ගැම්මට T-20 තරගාවලියත් හොදටම කරලා 2-1 ක් විදියට ජයග්‍රහණය කරන්න පුළුවන් කම ලැබුනා .

හොද නායකත්වයක් සමග සුපිරි දක්ෂතා අතරට එන්න අපේ කොල්ලනට පුළුවන් වුනා කිව්වොත් මම හරි. පිතිකරණයේ දුර්වලතා තිබුනත් පන්දු යැවීමේදී ඉතාමත් ඉහල මට්ටමක සිටීමට අපේ කණ්ඩායමට හැකියාව ලැබුනා. මේ වන විට ලෝක T-20 ශ්‍රේණි ගත කිරීම් වල දෙවනි ස්ථානයද ඇතුළුව ශ්‍රේණි ගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයන් වර්තමාන කණ්ඩායමේ ඇත. කාලයක් ලෝක පූජිත ක්‍රීඩකයන්ගෙන් අඩුවක් නොතිබුන අපිට පසුගිය කාලයේ ක්‍රිකට් එපා වෙන මට්ටමට් පැමිණ තිබුණි. නැවතත් ක්‍රිකට් වසන්තය පැමිණ තිබේද? අනාගතය සුබ බවත් නැවත ඉත්තෑවන්ගේ කාලය පැමිනෙනු ඇති බවත් මට සිතේ.
Image source
මෙහිදී ජේෂ්ට ක්‍රීඩකයන් ගැන කතා කල යුතුමය. කලක් ලංකාවට නැතුවම බැරි වූ තවමත් අවශ්‍ය ඇන්ජි, තිරී, දිමුත් වගේ ක්‍රීඩකයන් ගැනද අපෙගේ තේරීම් කමිටුව සලක බලනවා නම් මම පෞද්ගලිකව කැමතිය. යම් පසු බෑමකට ලක්ව හිටියද ඔවුන් පැත්තකට කර තැබීමට තරම් දුර්වලයන් නොවේ. ඔවුන්ගේ නැවත නැගීසිටීම පෙරටත් වැඩ සුපිරි විය හැක.

Image source

Image source

Image source
ඉන්දීය තරගාවලියෙන් පසු ප්‍රේක්ෂකයන්ට තවත් හොද දේශීය තරගාවලියක් වන SLC T-20 තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිදානය ලදී. එය එළබෙන දකුණු අප්‍රිකා තරගාවලිය හා T-20 ලෝක කුසලාන තරගාවලිය සදහා කණ්ඩායම් තේරීමට උපයෝගී කරගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සැලසුම් කරන්නට ඇත. එම උත්සාහය මල්පල ගන්වමින් තරුණ ක්‍රීඩකයන් රැසක් විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් විය. ඔවුන්ගේ දක්ෂතා නිසා තේරීම් කමිටුව බරපතල ගැටලුවකට මුහුණ දෙන්නට ඇත. ඔවුන්ට මේ අතරින් ජාතික කණ්ඩායම තොර ගැනීම පහසු කාර්යයක් නොවනු ඇත.

Image source

Image source

Image source
අවසන් වුන ඉන්දු ශ්‍රී ලංකා තරගාවලියෙන් මාසෙකට පමණ පසු පසු නැවතත් ජාත්‍යන්තර තරගාවලියක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ. ඒ අනුව දකුණු අප්‍රිකාව සමග එක්දින තරගාවලිය සදහා හෙට දින සහභාගී වීමට නියමිතයි.මෙය ශ්‍රී ලංකාවට කාරණා කිහිපයක් නිසා ඉතා වැදගත් තරගාවලියක් වේ. එනම්, 2023 එක්දින ලෝක කුසලානයට සෘජුව සුදුසු කම් ලැබීමට නම් මෙම එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීම අපට ඉතා වැදගත්ය. තවද T-20 ලෝක කුසලාන කණ්ඩායමද සැප්තැම්බර් 10 වෙනිදට පෙර නම් කල යුතු බැවින් මේ තරගාවලියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට එය හොද අවස්ථාවක් වනු ඇත.

Image source
තවද පසුව ආරම්බ වන T-20 තරගාවලිය දී ලෝකයේ අංක 1 සහ අංක 2 ස්ථාන වල සිටින පන්දු යවන්නන් දෙදෙනා අතරට තරගයද අපට දැකගත හැක. ලංකාවේ අපේ කොල්ලෙක් අංක 01 වෙනවද නැත්නම් තවදුරටත් අංක 01 දකුණු අප්‍රිකාවටද යන්න අපට දැකගත හැකිය.

Image source

Image source
කෙසේ වෙතත් ඉත්තෑවාට, තරගාවලි ආරම්බයට බලා සිටීමට ඇත්තේ තව හෝරා කිහිපයකි.
ස්තුතියි
ඉත්තෑව වැඩ කරනෝ..😂😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පවු නේද
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
දැන් නං ආයෙ ඉත්තැවා දරුනු වීගෙන එන්නෙ😍😍🤩🤩💪💪
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
සුපිරියටම දරුණු වෙලා
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit