අරගලය
තෙල් පෝලිම්, ගෑස් පෝලිම, කිරිපිටි පෝලිම් කොහේ ගියත් අපිට මේ දේවල් නම් මේ දවස් වල බලාගන්න පුළුවන්. ඒත් අපිට අවුරුදු දෙකක ඉඳන් පෝලිම් වල ඉන්න පොඞ්ඩක් පුරුදු වෙලා තිබ්බේ. ඒ කොරෝනා වයිරසයක නිසා. මේ දවස් වල හැමෝම වගේ පෝලිම් වල. මේ පෝලිම් වලට ප්රධානතම හේතුව අපේ රටේ ඉන්න පාලකයන්ගේ පාලනයේ දුර්වලකම. ඔවුන් කොතරම් වංචා-දූෂණ සිදුකළත් අපේ රටේ ජනතාව පුරුදු වෙලා තියෙනවා ඔවුන් වන නැවත නැවත පත් කරන්න. ඔවුන් ජනතාවගෙන්ම හොරාකාපු සල්ලි වලින් සුළු ප්රමාණයක් ජනතාවට සහන විදිහට ලබා දීලා නැවතත් ඔවුන්ගේ මනාප ලබාගෙන නැවතත් පත්වෙනවා. මේ දේ දිගටම සිදු වුණොත් අපිට කවදාවත් මේ වළෙන් ගොඩට එන්න වෙන්නේ නෑ.
[Face book]
දැන් අපේ රට ලෝකේ තියෙන ලොකුම ණයකාරයෙක් වෙලා තියෙන්නේ. ඒ තරමටම රටවල්වලින් ණය අරගෙන තියෙන්නේ. ඒ ගත්ත ණය වලින් කොටසකට සිදුවෙච්ච දේකුත් නැහැ. මොවුන් ඒ ගන්න සල්ලි හොරා කන්න ලේසිම ක්රමය විදියට තෝර ගත්තේ රටේ පාරවල් සහ අනිකුත් සංවර්ධන කටයුතු. මටත් අත්දැකීම් තියෙනවා ලොකු ලොකු පුටුවල අය commission ගන්න විදිය. සාධාරණ විදියට වැඩ කරන අය ඕන තරම් ඉන්නවා. නමුත් සමහර මිනිස්සු ඒ දේවල් වලට පුරුදු වෙලා. ඒ ගන්න commission වලින් ලොකු කොටසක් යන්නේ උඩම ඉන්න අයට. ඒ කියන්නේ රටේ පාලකයෝ අතට.
තව දෙයක් තමයි අපෙන් උඩ පරම්පරාවේ ගොඩක් අය මම හිතන විදියට එකම දේශපාලන පක්ෂයකට ඡන්දෙ දෙනවා. හරියට එයාලා ඒකට බැඳිලා වගේ. මම හිතන විදියට නම් ඒ දේ ගොඩක් වැරැදියි. නමුත් දැන් ඉන්න පරම්පරාව ඒ ආකල්ප වලින් බැහැර වෙලා තම තමන් හිතලා තීරණ ගන්නවා මේ දේශපාලනය සම්බන්ධයෙන්. අද ගොඩක් අය පාරට බැහැලා තියෙන්නේ අන්න ඒ හේතුව නිසය. පක්ෂ පාට නැති අරගලයක්. ගොඩක් අය තම තමන්ට පුළුවන් විදියට අරගලයට සම්බන්ධ වෙලා තියෙනවා. ගෝල්ෆේස් එකේ තියෙන අරගලයට මමත් මට පුළුවන් හැම වෙලාවෙම සම්බන්ධ වෙනවා.
ජනතාව තෙල් එනකම් පෝලිමේ මමත් ඇතුළුව
ජනතාව මේ දවස් වල ලොකු පීඩනයකින් ජීවත් වෙන්නේ. තම තමන්ගේ රාජකාරී වල නිරත වුවත් ඔලුවෙ වැඩ කරන්නෙ රටේ ප්රශ්න ගැන. මේ නිසා මිනිස්සු මානසිකව පීඩා විඳිනවා.අපිට දැනගන්න ලැබුණා තෙල් පෝලිම් වල සිදු වුණු මරණ ගැන. ඒවත් සිද්ධ වීමට මූලික හේතුව මම හිතන විදියට මානසික පීඩනය.ඒ වගේම ගොඩක් තැන් වල ගහ මරාගන්නවා.මම හිටපු පෝලිම් වලත් ඒ දේවල් උනා. ඒ මිනිසුන්ගේ ආතතිය හා පීඩනය පිට කරන විදිය. අපි මේ දේවල් ආයෙ සිදුනොවීමට නම් මේ වෙලාවේ හැමෝම එකතු වෙන්න ඕන. තව කියන්න දේවල් නම් ගොඩක් තියෙනව. ඒ තරමට පාලකයෝ කරපු වැරදි තියෙනවා.
මම නම් හිතන්නේ මේක තමයි හැරවුම් ලක්ෂය ලංකාවේ තත්ත්වය වෙනස් කිරීමට. මේ පාර වැරදි තීරණයක් ගත්තොත් ලංකාවට ගොඩ එන්න ගොඩක් කල් ගතවෙයි. අපි හැමෝම හොඳ තීරණයක් අරන් රට ගොඩ ගමු.❤❤💪💪
ස්තුතියි..❤❤
අපි system එක වෙනස් කරන්න අරගල කරුවනට දිරිය දෙමු.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
දිරිය දෙනවා වගේම හැමෝම අරගලයට එකතු වෙන්න ඕන.💪❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
It has turned into a situation like now or never. Praying that this would change our country for better
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
If we all get together, we can change for the better
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඉස්සරහට ලොකු වෙනසක් වෙයි කියලා හීන දකිනවා 🥺❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනිවාර්යෙන්ම💪❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit