ඉතින් කො මගේ යාලුවනේ ඔයාලට ? මම @sudraka96 . මම හිතනවා ඔයාලා හැමෝම හොදින් ඒ වගේම සතුටින් එදිනෙදා ජීවිතයේ ඔයාලගේ කටයුතු කරගෙන යනවා ඇති කියලා මම අද ඔයාල සමග කතා කරන්න බලාපොරොත්තු වෙන දෙය නම් සතුටුදායක දෙයක් නෙමෙයි මේක ටිකක් දුක්බර කතාවක් ශ්‍රී ලාංකිකයන් විදිහට අපි ආගමක් අදහනවා ඒ වගේම ගරැකරනවා එමෙන්ම ලොකු භක්තියක් ලබා දෙනවා ඒවගේ බැදීමක් තමයි අපිට ක්‍රිකට් ක්‍රීඩාව සමග තියෙන්නෙත් අපිට ක්‍රිකට් ක්‍රීඩාව සමග තියෙන්නේ ආත්මීය බැදීමක් ඉතින් මන් ඔයාලට කියන්න හදන්නේ මීට අවුරුදු නවයකට කලින් එනම් 2014 නොවැම්බර් 27 වෙනිදා ලෝක ක්‍රිකට් ලෝලී හඩවත් දහස් ගනනක් කම්පාවට පත් කරමින් ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එවකට ආරම්භක පිතිකරැවෙකු වූ පිලිප් හියුග්ස් ගේ අවාසනාවන්ත මරණය ගැනයි ඒ සිදුවීමේ වීඩියෝ පටය මම වගේම ඔයාලත් කිහිපසැරයක්ම දැකලා ඇති ඉතින් අද මගේ කතාව දිග හැරෙන්නේ ඔහු ගැනයි.
1988 නොවැම්බර් 30 ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් වල මාර්ක්ස්වයිල් රෝහලේ දී පිලිප් ජොඑල් හියුග්ස් මෙලොව එලිය දුටුවා ග්‍රේග් හියුග්ස් හා විරැග්නියා හියුග්ස් ඔහුගේ දෙමව්පියන්ගේ නම් වේ ඔහුගේ මව ඉතාලි ජාතික කාන්තාවක් වන අතර පියා ඕස්ටේලියානු ජාතිකයෙකි එමෙන්ම ඔහුගේ පියා කෙසෙල් වගා කරන ගොවියෙකු විය කුඩා කල මොහු ක්‍රිකට් ක්‍රීඩාවට වඩා රග්බි ක්‍රීඩාවට ඇලුම් කල අතර ඔහු සමහර කනිෂ්ඨ ලීග් තරග වලටද සහභාගි වී ඇත එහෙත් ඔහුට ඊට වඩා දක්ෂතාවක් තිබුනේ ක්‍රිකට් ක්‍රීඩාවටයි ඔහුගේ ප්‍රාතමික ක්‍රිකට් ජීවිතය ආරම්භ වන්නේ මාර්ක්ස්විල් ආර් එස් එල් යන ක්‍රිකට් ක්‍රීඩා සමාජයට සම්බන්ධ වීම තුලිනි එහිදී ඔහු එකොලහෙන් පහල ක්රීඩමයෙකු ලෙස ක්‍රීඩා සමාජ මට්ටමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු විය ඔහු ඒ අවදියේ වැඩිම ශතක රැස් කල ක්‍රීඩකයා විය වයස අවුරුදු දාහතක් වන විට කුඩා පිලිප්ස් තම උපන් නගරය වන නිව් සවුත් වේල්ස් සිට සිඩිනි නුවරට පැමිනෙනෙවා එහිදී ඔහු සිඩිනි නුවර වෙස්ටර්න් ස්බර්ස් දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩා සමාජය සමග එක්වී ක්‍රීඩා කටයුතු ඉදිරියට කරගෙන යනවා.
එය සිඩ්නි නුවර ඇති ප්‍රබලම ක්‍රීඩා සමජයක් ලෙස හැදින්වෙන්වා ඔහු එහිදී සහභාගි වන පලමු තරගයෙන්ම ලකුනු 141 ක් නොදැවී ලබා ගන්නවා ඔහු එම ක්‍රීඩා සමාජයේ දක්ශතම ක්‍රීඩකයා බවට පත් වන්නේ දාහතෙන් පහල ක්‍රීඩකයෙකු ලෙස තරග බිමේ ලකුනු 752 ලබා ගෙන ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 35.81 වශයෙන් තබා ගනිමිනි එම දක්ෂතා හේතුවෙන් පිල්ප්ස් 2008 වර්ෂයේ දී අවුරැදු 19 පහල ඔස්ට්‍රේලියානු ලෝක කුසලාන සන්චිතය නියෝජනය කිරීමට වාසනාවන්තයෙකු වෙනවා ඔහු එහිදීද විශාල දක්ෂතා රාශියකට හිමිකම් කොයන අතර ඒ හේතුවෙන් වර්ෂ 2009 මාර්තු මාසයේදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙනවා ඔහුගේ පලමු තරගන දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙනවා.මෙලෙස ක්‍රිඩා කරමින් සිටින අතර තුර අළු බදුන තරගාවලිය පැමිනෙනවා නොම්බර 3 පිතිකරැවෙකු ලෙස සන්චිතයට ඔහුව ඇතුලත් කලද ඔහුට ක්‍රීඩා කිරීමය හැකි වෙන්නේ නෑ මොකද ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස තරගාවලිය පුරා රැදී සිටිනවා 2010 වර්ශය ආරම්භය සමග නැවත නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ඔහුව නම් කරනවා නමුත් ඔහු එහිදීද අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සන්චිතය තුල රැදී සිටියේ බන්කු රත් කරමින් නරඹන්නෙකු ලෙසයි.
නමුත් එහිදී එක් තරගයක හතරවන ඉනිමේදී නායක රිකී පොන්ටීන්ගේ ආබාධ තත්වයක් හේතුවෙන් ඔහුට පන්දුවට පහර දීමට අවස්ථාවක් ලැබෙනවා ඔහුනෙහිදී ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන රැගෙන පන්දු 75 කින් වේගවත් ලකුනු 86ක් රැස් කරනවා
2010-11 අළු බදුන සන්චිතයෙන් ඔහුව ඉවත් කර තිබුනත් නැවත ක්රීඩකයෙකුහේ ආබාද තත්වයක් හේතුවෙන් නැවත ඔහුව සන්චියට කැදෙවුවත් ඔහුට සුපුරැදු දක්ශතා දැක්වීමට නොහැකිවෙනවා ඉන් පසු නැවත කණ්ඩායමෙන් එලියට විසි වීමට ඔහුට සිදු වෙනවා නමුත් ඔහු පලමු පෙල තරග වල විශාල වශයෙන් ලකුනු රැස් කිරීමට නැවත පටන් ගන්නවා නායක රිකී පොන්ටීන්ගේ සමුගැනීමත් සමග 2012 වර්ෂයේදී නැවත නොම්බර තුන පිතිකරැවෙකු වශයෙන් ශ්‍රී ලන්කාව සමග ටෙස්ට් සන්චිතයට නම් කරනවා ඔහු එහිදී පලමු තරගයේ ලකුනු 86ක් හා ඊලග තරගයේ ඉනිම් දෙක තුල අර්ද ශතක දෙකක් ලබා ගනිමින් ලකුනු 233ක් රැස් කර ගන්නවා එහිදී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 45.60 ලෙස සදහන් වෙනවා.
ඔහුගේ සාර්ථකත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක කොන්ත්‍රාත්තුවකට ඔහු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වෙනවා ශ්‍රී ලන්කාව සමග සිය ප්‍රතම ජාත්‍යන්තර එක්දින තරගය ක්‍රීඩා කරන ඔහු එහිදී ලකුණු 138 ලබා ගන්නේ පන්දු 112ක් පමනක් වැය කරමින් ඔහු එතැන් සිය කණ්ඩායමේ ස්ථාවර තතවයකට පැමිනුනද ටෙස්ට් ක්‍රිකට් පිටිය තුල ඔහු දිගින් දිගටම අසාර්ථක ක්‍රීඩකයෙකු විය ඔහු එනිම් අටකම ලබා තිබුනේ ලකුනු 147 ක් පමනි.2013 අළු බදුන තරගාවලිය 2014 සිම්බාබ්වේ තරගාවලිය 2014 පකිස්ථානය සමග පැවති එක්දින තරගාවලිය යන තරග තුල් ඔහුට සාර්ථක වීමට නොහැකි විය 2014දී ඔක්තොම්බර් මස එක්සත් අරාබි එමීර් රාජයයේදී පකිස්ථානයට එරෙහිව ඔහු ක්‍රීඩා කල එකම විස්සයි විස්ස තරගය ක්‍රීඩා කරන ලදී.
ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ලබා ගත් සම්මාන මෙසේය
- 2008 රයිසින් ක්‍රිකට් ස්ටාර් සම්මානය
- 2008 රයිසින් ක්‍රිකට් ස්ටාර් සම්මානය
- 2009 සර් බ්‍රැඩ්මන් කනිශ්ඨ වසරේ ක්‍රීඩකයා සම්මානය
- 2008/09 ශිෆීල්ඩ්ඩ් ශීල්ඩ් ක්‍රීඩකයා සම්මානය
- 2012/13 දේශීය තරග බිමේ හොදම ක්‍රීඩකයා සම්මානය
image link
එසේ ක්‍රීඩා කර සිටින විට 2014 වර්ශයේ ඒ දුක්බර අවසානය ලගා විය සිඩ්නි නුවර දේශීය සමාජ තරගයක් ලෙස දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා නිව් සවුත් වේල්ස් කණ්ඩායම අතර තරගයක් පැවතිනි එහිදී එක් අන්තයක පන්දු යවමින් සිටියේ වර්ථමානයේ ඔස්ට්‍රේලියානු කන්ඩායමේ පන්දුයවන්නෙකුන්වන ශෝන් ඇබට් ය ලකුණු 63ක් ලබා නොදැවී පන්දුවට පහර දෙමින් සිටි පිලිප් හියුග්ස් ය අනෙත් අන්තයේය නිපන්දු කිහිපයක් ම දැමු ඇබට් පන්දුවක් මදක් ඔසද එවන ලදී එක නිදැල්ලේ යැවීලට හියුග්ස් කටයුතු කලේ ඊලග පන්දුව ඔහුගේ ජීවිතයම උදුරා ගනී යැයි කිසිදා නොසිතමිනි.ඊලග පන්දුව තන තීරැව මැද පතිත වී බවුන්සර් පන්දුවක් ලෙස වේගයෙන් පැමිනි අතර ඔහු පහරක් ගැසුවද එක පිත්තේ නොගැටී ඔහුගේ කනට පහලින් හිස්වැසුම යටින් ගොස් වැදුනි මද වෙලාවක් හිටගෙන සිටි හියුග්ස් එක වරම සිහිසුන්ව පිටිය මට්බ ඇදගෙන වැටුනි.ක්ශනිකව ක්‍රීඩා බලදාර්රින් ඔහුව සිඩ්නිහි ශාන්ත බින්ස්ට් රෝහලට ඇතුලත් කල අතර එහිදී ඔහුය ශල්‍යකර්මයක් සිදු කරන ලදී ඉන් පසුව කෝමා තත්වයට පත්ව දැඩි සත්කාර අන්ශයේ ප්‍රතිකාර ලබමින් සිටි හියුග්ස් ඇතිවූ හදිසි තත්වයක් හේතුවෙන් 2014 නොවැම්බර් මස 27 වන දින අවාසනාවන්ත ලෙස මිය ගියේය්.එය ඕස්ට්‍රේලියාවේ පමනක් ලොව ලෝකවාසී සියලුම ක්‍රීඩා හදවත් කම්පා කරවන ආරන්චියක් විය.එලෙස ඉතා දක්ශ ක්‍රිකට් ලෝකය තුල පෙරලියක් කිරීමට සිටි ක්‍රීඩකයෙකු අවාසනාවන්ත ලෙස වසර 25 ආයු වලදා අකාලයේ සමුගෙන ගියේය.
ඉතින් යාලුවනේ ඔන්න ඔය විදිහට තමයි ලෝකයක් හදුනන මේ තරැණ ක්‍රීඩකයාගේ ක්‍රීඩා දිවිය අවසන් වෙලා ගියේ ඉන් පසුව තමයි වර්තමානයේ පලදින ආරක්ෂිත හිස් වැසුම පැලදීම ආරම්භ කලේ එදා ඔහු ඒ ආකාරයේ නියමිත ආරක්ෂිත හිස් වැසුමක් පැලදුවා නම් ඔහු මේ වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි ජේෂ්ඨ පිතිකරැවෙකු වනු නොවනුමානයි මන් හිතනවා මන් මේ ගෙනාපු සටහන තුලින් ඔයාලා පොඩි හරි දෙයක් ඉගෙන ගන්නැති ඔයාලගේ දැනුමට එකතු කර ගන්න ඇති කියලා මොකද මම තෘප්තිමත් වෙන්නේ ඒ තුලින් මම හිතනවා මෙහි ඇති අඩු පාඩු හොද නරක් පහලින් ඔයාලා කමෙන්ට් වලින් මල කියයි කියලා එහෙනම් අපි නැවත මේ වගේ තවත් කතාවකින් හමුවෙමු එතෙක් ඔයාලට දෙවි පිහිටයි .